මියැදුණු හිත් සැනසෙන්න පතුරවමු සෙනෙහස ආදරණීය පාස්කුවේ

Share

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසරක් සපිරි ගියත් තවමත් ඒ මත්තේ දවසින් දවස ඉපදි ඉපදී ම්යැදෙනා බැදීම් නම් එමටයි.

 

ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී වසරක් සපිරෙන අද (21) අගහරුවාදා දිනයේදී ප්‍රහාරයෙන් මියගිය, ආබාධිත වූ සියලු පාර්ශව සහිපත් කරමින් උදෑසන 8.40 ට ආගමික වතාවත්වල නිරත වන ලෙස අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් සහ  මහා සංඝරත්නය සියලු කතෝලික බැතිමතුන් හා බෞද්ධාගමිකයින්ගෙන් ඉල්ලීමක් කළා.

අදින් වසරක් ඉරුදින ප්‍රහාරයට සපිරෙද්දි අදත් මුළු රටම නිහඩයි. ඒ මේ දින වල ලොව පුරාම පැතිරෙන කොරෝනා වෙෙරසය නිසා.

මුළු මහත් ලංකාවම කම්පාවට ලක් කරවම්න් 2019 අප්‍රේල් 21 වැනි ඉරිදා සිදුවූ ප්‍රහාරයට අද වන විටත් කිසිදු වගකිව යුත්තකු පිළිබද හෙළිවි නොමැති විම ඉතාමත් කණගාටුවට කරුණක්. අප්‍රේල් 21 වෙනදා වගේම ඉර පායපු පාස්කු දවසක්. අපේ කිතුණු බැතිමතුන් එදත් අලුත් ඇදුම් ඇදගෙන කිතුණු දේවස්ථාන වෙත ගියේ හිනාවන් පිරි මුවගින්. නමුත් ඒ හිනාව ක්ෂණයකින් කදුළු බවට හැරෙන්න මහා ලොකු වෙලාවක් ගියේ නැහැ. දේව යාතිකා මධ්‍යයේ මහා පිපිරුම් හඩ්න් හැමදේම නිසල වුනා.

මේ වෙනකොට ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වනරියාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිදු කළ විමර්ශනයකට අනුව මොහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවා.

Sri Lanka attacks: More than 200 killed as churches and hotels ...

Bombs kill more than 200 in Sri Lankan churches, hotels on Easter ...

7 suicide bombers from local terrorist group behind Sri Lanka blasts ...

ප්‍රහාරයෙන් පස්සේ සෘජුව ලංකාව තුල මුස්ලිම් ජනතාව දෙස ඉතාමත් සැක සහිතව ම්නිස්සු බලන්න පුරුදු වුනා. ඒ වගේම තැනින් තැන හමුදා ආරක්ෂාවෙන් පිරි තිබුනා. වෙනදා උදේ හවස වැඩට යන එන සේවකයන් ගමන් බිමන් යන්න බය වුනා. ඒ කොයි වෙලාවේ බෝම්බ පිපිරේවිද කියන බය නිසා.

මෙම ප්‍රහාර මාලාවෙන් අනතුරුව බොහෝ පිරිසකට තම පවුල් අහිම් වුනා………..
තමන්ගේ දියණියන් සහ ස්වාම්යා අහිම් වූ බිරිදකගේ මුහුණු පොත තුල සටහන් කළේ මෙලෙසින්….
“දසමාසයක් කුස දරාගෙන බිහිකළෙමි දියණියන් දෙදෙනෙකු,කෙළි සිනා හුරතල් වදන් මැද ඇතිදැඩි උනා මගේ උණුසුමේ , දක්ෂතා පිරි ගුණදහම් ඇති ඔයාලා දෙන්නා තාත්තාගේ මගේ ලෝකය එලිය කලා, නෙත්මි , විශ්මි , මගේ දරුවනේ ,ඔයාලගෙන් නික්මුණ කිරි සුවද අදත් මට දැනෙනවා.දන්නවද ඔයාලා දෙන්නා අම්මත් එක්ක බැදුණු ඒ පෙකණි වැල් වත් විනාශ වෙලා නෑ, ඔයාලා ඉපදෙනකොට තිබුණු ඒ සිනිදු කොණ්ඩේ තාමත් අම්මා ගාවමයි, ඒත් සතුටින් පල්ලියට ගිය අපිව අපෙන් වෙන්කලා පුතේ අමානුෂික විදියට ,අපේ රටේ වගකිවයුතු ගොඩාක් දෙනෙක් දැනුවත්වමයි පුතේ ඔයාලව මරලා දැම්මේ ,අම්මාකෙනෙක්ගෙන් බිහිවෙලා මව්කිරි බීලම හැදුණු තිරිසන්නු ඔයාලව මගෙන් වෙන්කලා, මම එහෙම කීවොත් තිරිසන් සත්තු මට බනීවි පුතේ ඊටත් වඩා පහත් ගති ඇති උන් ,උඹලාව මැරුවේ, මේක මිණීමැරුමක් ,ඒත් ඇස්පනාපිටම සමහර දේවල් තියෙද්දී බල තණ්හාවෙන් අන්ධ වෙච්චි ජරාජීර්ණ උන අසික්කිත දේශපාලකයන්ට බැරිඋනා උබලව මරපු මිණීමරුවෝ අල්ලන්න ,මම මෙහෙම ලියන එකත් උන්ට දර දිය අදින වහල්ලුන්ට රිදෙනවා ,ඒ හන්දා ඉවසන්න හිත හදාගන්න කියනවා, උඹලා නැතුව හදාගන්න හිතක් අද මගේ ගාව ඉතුරුවෙලා නෑ,
අම්මාව ආදරෙන් බලාගන්න අම්මාගේ බලාපොරොත්තු ඉටු කරන්න බලාගෙන ඔයාලා ඉගෙනගත්තේ කියලා මට කිව්වේ ,ඔයාලගේ යාළුවෝ,ඒවා අහනකොට කොහොමද මම දරාගෙන ඉන්නේ ,ඔය පොඩි වයසට අම්මා ගැන ඔච්චර හිතුවට ඔයාලට ගොඩාක් පිං, ලොකූ, පොඩ්ඩියේ තාත්තා ඉන්න නිසා ඔයාලා සතුටින් ජේසු ගාව ඉන්න ,ඔයාලා නැති පාළුව ,වේදනාව , දුක දරාගන්න අම්මට ශක්තිය දෙන්න කියලා ජේසු ලග මැදිහත් වෙන්න, ඔයාලා ඉන්න තැනකට ඉක්මනින්ම එන්න ආසයි පුතේ , ඔයාලව දකින්න එන එකයි මගේ එකම බලාපොරොත්තුව,ඔයාලට ගොඩාක් ආදරෙයි
දියණියක් අහිම් වු තවත් මවක්………
මගේ දුවට එදා අලුත් ගවුමක් මැහුවා. ඒත් එයා ඒක ඇන්දේ නැහැ. එයා වෙන ගවුමක් ඇදගෙන පල්ලිය ඇතුලට ගිහින් වාඩි වුනා. මම ඒ වෙලාවේ හිට්යේ එළියේ. එක පාරටම මහා සද්දයක් ආවා. මට අදහගන්න බැරිවුනා. මම දුවගෙන ගිහින් බැලුවා. මගේ චුට් දුව මම හතර අතේ දුව දුව හෙව්වා. හැම තැනම ලේ තිබුණා. මගේ දූ වැට්ලා හිටියේ ලේ විලක් මැද්දේ. ඒ වෙලාවේ මගේ හිතට දැනුණේ එයාව ඉපදුණ වෙලාවේ මගේ අතට ගත්ත හැටි” මේ එක් පියෙක් කදුළු වගුරවමින් දැක්වු අදහසක්.
පවුලේ සිය පුතා ලේලීය අහිම් වූ මවක්
මම එදා දේව මෙහෙයට ගියේ නැහැ. ඒත් මගේ ලේලි පුතා නිදි පැදුරෙනුත් නැගිට්ටවලායි යැව්වේ
මේ විදියට දෙමව්පියන්ට දරුවෝ අහිම් වුන සිය පවුල් අහිම් වුන ඉතිහාසයේ අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා කළු පැල්ලමකින් සටහන් වෙච්ච දවසක් වුනා. තවමත් මේ ප්‍රහාරයේ අදුරු සෙවණැලි සැරිසරනවද යන්න සැකයට තුඩු දෙන කරුණක්, මන්දයත් අදටත් මෙම ප්‍රහාරය ලංකාට එල්ල වුනේ කොහොමද කවුරුන් හරහාද යන්න පිලිබද අනාවරණය වි නොමැති බැවින්.
In pictures: Sri Lanka on alert as mourners bury blast victims
ප්‍රහාර පිළිබද සාරංශයක්………….
පාස්කු ඉරිදා අප්‍රේල් 21 උදේ 08:45 – 09:00 අතර කාලය තුල ශ්‍රි ලංකාවේ කිතුනු දේවස්ථාන සහ ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටල් වෙත බෝම්බ ප්‍රහාර එල්ල වෙනවා.
දශකයකට ඉහත දී අවසන් වූ සිවිල් යුද්ධයෙන් අනතුරුව ලංකාව මුහුණ දුන් දරුණුතම ප්‍රචණ්ඩකාරි ප්‍රහාරය මෙය වන අතර මරණයට පත් පිරිසෙන් බහුතරය ලාංකිකයන්. ඒ වගේම විදේශිකයන් තිස් අටකුත් ප්‍රහාරවලට හසුවෙලා මරණයට පත්වෙනවා. ශ්‍රි ලංකා ආණ්ඩුව සදහන් කරන්නේ ‘ජාතික තව්හිත් ජමාත්’ නමැති කණ්ඩායමක් ප්‍රහාරය පිටුපස සිටි බවයි. පොලිසිය විසින් හැටකට ආසන්න පිරිසක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා. මේ අතර සිය මාධ්‍ය ඒකකය හරහා නිවේදනයක් නිකුත් කරමින් අයිඑස් සංවිධානය 2019 අඟහරුවාදා (අප්‍රේල් 23) කියා සිටියේ ප්‍රහාරය පිටුපස සිටින්නේ තම සංවිධානය බවයි.
ප්‍රහාරය පිළිබඳ පළමු වරට වාර්තා වූයේ අප්‍රේල් 21 වෙනි ඉරිදා උදේ 08:45 පමණ. ඉතාමත් කෙටි කාල පරාසයක් ඇතුලත පිපිරීම් හයක් වාර්තා වුනා. එම ස්ථාන පහතින්,
01කොළඹ කොච්චිකඩේ දේවස්ථානය
02.කටාන කටුවාපිටිය දේවස්ථානය
03.මඩකලපුව සියෝන් දේවස්ථානය
04.කොලඹ ෂැන්ග්‍රිලා හෝටලය
05.කිංග්ස්බරි හෝටලය
06.සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය යන ස්ථාන හයක පිට පිට පිපිරිම් වාර්තා වුනා.
Sri Lanka explosions rock churches and hotels, police say - CNN Video
Sri Lanka church explosion: Blasts in Colombo and Negombo on ...
පාස්කු දින ප්‍රහාරය හුදෙකලා ...Sri Lanka bomber waited in line at hotel buffet then unleashed ...
Sri Lanka bombings ringleader died in hotel attack, president says ...
Moment of explosion at Sri Lanka's Kingsbury Hotel caught on CCTV ...
Victims of Sri Lanka Easter Sunday attacks - Insider
Sri Lanka blasts News: Sri Lanka blasts: Islamic State claims ...
අනතුරුව පොලිස් කණ්ඩායම් සැකකරුවන් සොයා මෙහෙයුම් දියත් කළ අතර වැටලීම් අතරතුර දෙහිවල සත්වෝද්‍යනය අසල ලැගුම්හලක සහ දෙමටගොඩ මහල් නිවාසයක තවත් පිපිරීම් දෙකක් වාර්තා වුනා.
පිපිරිම් සිදුවුනේ කොහොමද ? සාරාංශයක් වශයෙන්……
පිපිරිම් අප්‍රේල් 21 උදෑසන 08:45 – 09:00 අතර……… 
පෙරවරු 11.00
ලංකා ආණ්ඩුව විසින් දින දෙකක කාලයක් පාසල් වසා දමන්න තීරණය කළා.
පස්වරු 13:45
පළමු පිපිරීම් මාලාව සිදු වී පැය 5 ට පමණ පසු දෙහිවල සත්වෝද්‍යානය අසල ලැගුම් හලක තවත් පිපිරීමක් වාර්තා වුනා. ඒ එදින සිදු වූ හත් වෙනි පිපිරීම.
පස්වරු 02:15
දෙමටගොඩ මහල් නිවාස සංකීරණයක සිදු කළ වැටලීමක් අතරතුර තවත් පිපිරීමක් සිදු වූ අතර ඉන් පොලිස් සාමාජිකයන් තිදෙනෙකු මරණයට පත්වුනා.
(දෙමටගොඩ මහල් නිවාසයක සිදු කළ වැටලීම)
පස්වරු 14:30
ශ්‍රි ලංකා ආණ්ඩුව විසින් ප්‍රමුඛ පෙළ සමාජ ජාල පණිවුඩ සේවා සියල්ල අත්හිටුවීමට පියවර ගත්තා.
පස්වරු 06:00 සිට පසුදින උදෑසන 06: දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා.
පස්වරු 10:00
මුස්ලිම් පල්ලියක් වෙත පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් සහ මුස්ලිම් භක්තිකයන්ට හිමි වෙළඳසල් දෙකක් ගිනි තබා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළා.
ශාන්ත අන්තෝනි දේවස්ථානය අසල රථයක තිබූ බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරන අතර එය පිපිරුණා.
අප්‍රේල් 22.2019
පෙරවරු 06:00 ට
පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළා.
පෙරවරු 07:42 ට පමණ
කටුනායක ගුවන් තොටුපල අසල තිබී පුපුරණ ද්‍රව්‍ය සහිත බටයක් සොයා ගත්තා.
පෙරවරු 08:30
මරණයට පත් සංඛ්‍යාව 290 දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීන් පැවසූවා.
පස්වරු 12:30 ට පමණ
ආරක්ෂිත පියවරක් වශයෙන් රාත්‍රි 08:00 සිට පසුදින අලුයම 04:00 දක්වා යළි පොලිස් ඇඳිරිනීතිය පනවන බව ආණ්ඩුව පැවසුවා.
පස්වරු 03:27 ට පමණ
පිටකොටුව බැස්තියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පලක තිබී පොලීසිය විසින් ඩෙටනේටර් 87 ක් සොයා ගනු ලැබුවා.
පස්වරු 04:18 ට පමණ
පොලිස් ආරංචි මාර්ගවලට අනුව තවත් සංචාරක හෝටලයක් වෙත එල්ල කිරීමට පැවති සැලසුම් අසාර්ථක වී තිබෙනවා.
සිදුවු මරණ සංඛ්‍යාව
බදාදා (අප්‍රේල් 04) වන විට නිල වාර්තාවලට අනුව 359 දෙනෙකු මරණයට පත්ව ඇති අතර 500 අධික සංඛ්‍යාවක් තුවාල ලැබුවා.
එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, පෘතුගාලය, ඉන්දියාව, තුර්කිය, ඔස්ට්‍රිෙලියාව, නෙදර්ලන්තය, ජපානය, ස්විට්සර්ලන්තය, ස්පාඤ්ඤය, බංග්ලාදේශය, අමෙරිකාව සහ චීනය යන රටවලට අයත් විදේශිකයන් ද මරණයට පත් පිරිස අතර සිටියා.
Sri Lanka Holds Mass Funerals For Victims Of The Easter Sunday ...
BBC World Service - BBC OS, Sri Lanka: the nation mourns
Deadly attacks could hurt Sri Lanka's economy - CNN
la-fg-sri-lanka-easter-bombings-militant-group-20190422 | Pulse
ප්‍රහාරය පිටුපස සිට්න්නේ කවුද ?
සඳුදා (අප්‍රේල් 22) දින ශ්‍රි ලංකා ආණ්ඩුව පැවසුවේ ‘ජාතික තවුහිද් ජමාත්‘ නමැති කණ්ඩායමක් ප්‍රහාරය පිටුපස සිටින බවයි.
ISIS සංවිධානය විසින් ප්‍රහාරය සිදු කරන ලද බව එහි මාධ්‍ය ඒකකය විසින් අඟහරුවාදා (අප්‍රේල් 23) නිවේදනය කළා. ප්‍රහාරයට සහභාගි වූ බව පැවසෙන පුද්ගලයන්ගේ සමූහ ඡායාරූපයක් ‘අමාක්‘ නමැති මාධ්‍ය ඒකකය විසින් පසුව ප්‍රකාශයට පත් කර තිබු අතර එහි එක් පුද්ගලයෙකු පමණක් මුහුණ නිරාවරණය කර සිටින අතර ඇතැමෙක් අත පිහි තිබෙන ආකාරය ජායාරුප නිකුත් වුනා.
ක්‍රිස්තියානි සහ ශ්‍රි ලංකා පුරවැසියන් ඉලක්ක කරමින් පෙරේදා ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් ISIS සටන්කරුවන්ය,” යනුවෙන් ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් සදහන් වි තිබුණා.
බදාදා (අප්‍රේල් 24) රාත්‍රි 10 සිට බ්‍රහස්පතින්දා (අප්‍රේල් 25) උදෑසන 04 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව පොලිසිය නිවේදනය කළා.
ප්‍රහාරයෙන් පසු………….
මේ අතර ප්‍රහාරයෙන් තෙමසකට පසු කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය යළි විවෘත කෙරුණා.
කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සියයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වුනා. නැවත විවෘත වූ දේවස්ථානයේ දිව්ය පූජාව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ප්රහාරයෙන් තුවාල ලැබූවන් ඇතුළු විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වය මධ්‍යයේ.
මෙහි දී සිය අදහස් ප්‍රකාශ කරමින් කාදිනල් හිමියන් පැවසුවේ, “මේ ප්‍රහාරය නොමග ගිය තරුණයන් පිරිසක් අල්ලාගෙන ජාත්‍යන්තර ඕනෑ එපාකම් පිරිමහන්න, මේ රට අස්ථාවර කරන්න, ඔවුන්ගේ කුමන්ත්‍රණ සාර්ථක කරගන්න, කෝලාහලක් ඇතිකරන්න සිදු කළ ප්‍රහාරයක්,” යනුවෙන්.
මුස්ලිම් අය මේකට වග කියන්න ඕනේ නැහැ. මෙතන දී කියන්න ඕනේ, අපේ නායකයන්ට කොන්ද පණ මදි. මෙහෙම නෙමෙයි ඒ අය වැඩ කරන්න ඕනේ. විදේශීය බලවේගවලට මේ රටට අත පොවන්න දෙන්න බැහැ.. මේ භූමියේ සශ්‍රිකභාවය ශක්‌තිමත් කරන්න නායකයෝ අපිට උදව් කරන්න ඕනේ,” හිම්පාණන් වැඩ්දුරටත් පැවසුවා.
බලධාරීන් සිය වගකීම ඉටු කළ ආකාරය ගැන ද හිම්පාණන් සිය දේශනය තුළදී වැඩි දුරටත් අදහස් පළ කලා.
ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් තිබුණේ නැහැ. මේ ලැබුණු ඔත්තු මඟ හැරලා අත හැරලා දැම්මා. තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැහැ. ඔබ හොඳට ඇවිදගෙන ගිහින් හොඳට ජීවත් වෙච්ච අය දැන් මේ රෝද පුටුවකට, ඇඳකට සීමා වෙලා තියෙන්නේ හිතුවක්කාර, දඩබ්බර, කිසිම ප්රතිපත්තියක් නැති නායකයන්ගේ වැරදි වැඩ නිසයි. ඒ නිසා, දැන් කාලය ඇවිත් තියෙනවා මේ ඔක්කොටම ගෙදර යන්න කියන්න.” යැයි ද හිම්පාණන් කියා සිටියා.
මේ අතර පාස්කු දින බෝම්බ ප්‍රහාරයෙන් පසු කතෝලික සභාව ක්‍රියා කළ ආකාරය ගැන පුජ්‍ය බැඳිවැව දියසේන හිමියන් ද සිය ප්‍රසාදය පළ කළහ.
කාදිනල් හිමිපාණන්ගේ නායකත්වය, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වූ තවත් එක් අවස්ථාවක් බව ද පුජ්‍ය බැඳිවැව දියසේන හිමියෝ පැවසූවා.
අද ලංකාව ලෝකය ඉදිරියේ මේ තත්වයෙන් ඉන්නේ කාදිනල් හිමිපාණන්ගේ ක්රියා කළාපය නිසයි . එක වචනයකින් මුළු රට ගිනි තියන්න තිබුණා .නමුත් එතුමා සෑම විටම කිව්වේ මේ ප්‍රහාරයට ශ්‍රි ලංකාවේ මුස්ලිම් ජනතාව වගකිවයුතු නැහැ කියලයි. ඒ ප්‍රකාශය තුළ ලෝකය ඉදිරියේ උසස් ජනතාවක් වුනේ කතෝලිකයන් පමණක් නොවෙයි සමස්ත ජාතියයි.”
පාස්කු උත්සවය කිතුණු බැතිමතුන්ගේ වැදගත්ම උත්සවයක්. පාස්කු උත්සවයට පෙර කිතුනුවන් මහා බ්‍රහස්පතින්දා හා මහා සිකුරාදා සමරනු ලබනවා. පාස්කු ඉරිදා උදෑසන කිතුණු බැතිමතුන් ජේසුස් වහන්සේගේ උට්ඨානය හෙවත් මරණයෙන් නැගිටිම අති උත්කර්ෂවත් විදියට සමරනවා.
ඒත් මේ පිපිරිමෙන් පස්සේ ලංකාවේ හැමෝගෙම හිත් ගොඩක් නිහඩ වුනා………….
පතමු යළිත් කිසිම දවසක මේ වගේ ම්ලේච්ඡ ත්‍රස්ථවාදි ඛේදවාචකයක් සිදු නොවේවා යැයි. මියැදුණු හිත් සැනහේවි දෙව්මවි තුරුලේ.

Read more

Local News