නාවික හමුදාව විසින් අද (21) පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපාළෙහි සියලූම පරිශ්‍රයන් විෂබීජහරණයකට ලක් කර තිබේ.
පසුගිය දින පිළියන්දල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාධිතයෙකු සොයා ගැනීමත් සමඟම එම පුද්ගලයා ගැවසුණු ස්ථාන සොයා විෂබීජහරණය කිරීමේ කටයුතු සිදු කරමින් පවතී.
ඒ අනුව එම පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපෙළෙහි ගැවසී ඇති බවට ලද තොරතුරුවලට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය මෙලෙස විෂබීජහරණයට ලක් කර තිබේ.
මෙහිදී සියලූම ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් නියමිත ක්‍රියා පටිපාටියකට අනුව එම මත්ස්‍ය වෙළඳපොල විෂබීජහරණ කටයුතු සිදු කිරීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.
මේ අතර අද දිනයේ සිට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලේ කටයුතු තොග වෙළඳාමට පමණක් සීමා කරන අතර සිල්ලර වෙළඳාම තාවකාලිකව අත්හිටුවනු ලබන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.



