මියන්මාරයේ සිදුවූ වෙඩි තැබීමකින් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුයුක්තව සේවය කළ පුද්ගලයෙකු මියගොස් තිබේ.
එරට රඛිනේ ප්‍රාන්තයේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුයුක්තව සේවය කරන පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාල සේවකයා විසින් යැන්ගොන් ප්‍රදේශයේ කොවිඩ් නයින්ටීන් වෛරසය පරීක්ෂා කිරීම සඳහා වන ජෛව සාම්පල ප්‍රවාහනය කරමින් සිට ඇති බව සඳහන්.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය සහිතව අදාල රථය ගමන් කර ඇති අතර ආරක්ෂක අංශ සහ කැරලිකරුවන් අතර ගැටුම් පවතින ප්‍රදේශයක එය ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.




