ඉන්දියාවේ රාෂ්ට්‍රපති භවන්හි සේවකයින් සියයක පමණ පිරිසක් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.
රාෂ්ට්‍රපති භවන්හි සනීපාරක්ෂක කටයුතුවල නිරත වූ සේවකයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව මධ්‍යම දිල්ලි හි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රාෂ්ට්‍රපති භවන් හි සනීපාරක්ෂක කටයුතුවල නිරත වන සේවකයින් යොමු කර තිබේ.
මීට අමතරව එහි ඉහළ නිලධාරීන්ට ද නිවෙස්වලට වී ස්වයං නිරෝධායනයේ නිරත වන ලෙස දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පෙර සියලු සනීපාරක්ෂක සේවකයින් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කළ ද ඔවුන්ට මෙතෙක් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.




