වෛරසය පර්යේෂණාගාරයක් තුළ නිපදවූවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය චීනය විසින් රසායනාගාර තුළ නිෂ්පාදනය කරන ලද්දක් බවට කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් අනාවරණය වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

 

වෛරසයේ මූලාරම්භය සතුන් හරහා සිදුවූවක් බවට තවදුරටත් විශ්වාස කෙරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

මේ අතර වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු වසන් කළ බව පවසමින් චීන රජයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට අමෙරිකාවේ මිසූරි ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී චීනයට චෝදනා එල්ල කළද චීනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් සඳහා යොමු වූ එරට පළමු ප්‍රාන්තය බවට මිසූරි ප්‍රාන්තය පත්වනු ඇති.

වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සිදුවූ වූ ජීවිත හානි හා ආර්ථිකයට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් චීන රජය වගකිව යුතු බව මිසූරි ප්‍රාන්ත බලධාරීන් පවසයි.

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් වැඩිම බලපෑම එල්ල වූ රට වන අමෙරිකාවේ අද වන විට ආසාදිතයින් අට ලක්ෂ 19,164 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 45,000 ඉක්මවා ගොස් තිබේ.

Read more

Local News