ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 7 ක් සුවය ලබයි

Share

ලොව පුරා සුවය කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගෙන් ලක්ෂ 7 ඉක්මවූ පිරිසක් සුවය ලබා තිබේ.

 

අද(22) දිනය වන විට ආසාදිතයින් හත් ලක්ෂ 4049 ක පිරිසක් සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මේ වන විට ලොව පුරා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව විසිපන් ලක්ෂ 75,000 ට ආසන්න වෙයි.

ඒ අනුව සුවය ලැබීමේ ප්‍රතිශතය සියයට 27 ක් පමණ වන බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

මේ වන විට වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන එක් ලක්ෂ 78,658 දෙනෙකු වෙයි.

මේ අතර සිංගප්පූරුවෙන් හඳුනා ගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව අද දස දහස ඉක්මවා ගියේය.

මේ වන විට එරටින් දෛනිකව හඳුනා ගන්නා ආසාදිතයින් සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර ගත වූ පැය 24 ක කාලය තුළ පමණක් නව ආසාදිතයින් 1016 දෙනෙකු හඳුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නව ආසාදිතයින්ගෙන් බහුතරය විදේශයන්හි සිට පැමිණි ශ්‍රමිකයින් බව ද සඳහන්.

වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් රට වසා දැමීමට ගත් තීරණය ද ලබන ජුනි මස පළමුවනදා දක්වා දීර්ඝ කිරීමට සිංගප්පූරු රජය තීරණය කර තිබේ.

මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍ය  ඉම්රාන් ඛාන් කොවිඩ් නයින්ටීන් පරීක්ෂණයකට ලක් වී තිබේ.

ඒ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති හමුවකට සහභාගී වූ පුද්ගලයෙකු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු බවට තහවුරු වීම හේතුවෙන්.

ඒ අනුව ඊයේ දිනයේ ඉම්රාන් ඛාන් කොවිඩ් නයින්ටීන් පරික්ෂණයකට මුහුණ දී ඇති අතර එහි ප්‍රතිඵල අද දිනයේ නිකුත් වීමට නියමිතව තිබුණී.

Read more

Local News