අද(22) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 323 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් ඒ අනුව වාර්තා වෙයි.
මින් 11 දෙනෙක්ම මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් වෙමින් සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
අනෙක් රෝගියා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අයෙකි.
අද වන විට සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 105 ක්.
පුද්ගලයින් 7 දෙනෙක් කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.



