අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනී
දේවස්ථානයට සහ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණ පාස්කු ඉරු දින ත්‍රස්ත
ප්‍රහාරයෙන් මිය ගිය සහ පීඩාවට පත්වූවන් වෙනුවෙන් ආශීර්වාද කළේය.
කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානයට ඊයේ(21) පස්වරුවේ පැමිණි අගරදගුරු හිමිපාණන් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය පිරිස සිහිපත් කළේය.
අනතුරුව උන්වහන්සේ පැමිණියේ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයටයි.
ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ සියලු දෙනා වෙනුවෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත්
හිමිපාණන් ආශීර්වාද එක් කළේ මෙසේය.
“මේ ව්‍යවසනය නිසා විපතට පත් වූ, අසනීප වූ, අංගවිකල වූ, ඔබ වහන්සේ වෙනුවෙන් ජීවිත කාලයක්ම දුක්
විඳින්නට ඉදිරිපත් වන ඒ සොහොයුරු සොහොයුරියන් ශක්තිමත් කළ මැනව.
ආශීර්වාද කළ මැනව. තමන්ගේ ආදරණීයයන් නොමැති වීම නිසා මේ ලෝකය තුළ පාළුව, තනිකම අත්දකින සියලුම දෙනාගේ සිත් සැනසුව මැනව.“



