බටහිර ඕස්ට්‍රේලියාවේ කීර්තිමත් ප්‍රජා නායිකාවක් ලෙස කටයුතු කළ ඔල්ගා රාමසාමි මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.
ඇය ලංකාවේ ප්‍රවීණ ගායකයෙකු වූ ඩෙස්මන් ද සිල්වා මහතාගේ මෑණියන්ය.
එතුමිය බටහිර ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ ලාංකික ප්‍රජාවට විශාල සමාජ සේවයක් ඉටු කළ කාන්තාවකි.
ලාංකික ප්‍රජාවට පමණක් නොව සමස්ත ඔස්ට්‍රේලියානු ජනතාවටම ඇයගෙන් ඉටු වු සේවය ඉමහත්ය.
වයස 90 දී විශ්‍රාම යෑමෙන් පසුව පවා ඇය ඕස්ට්‍රේලියාවේ වේසෙන ලාංකික ජනතාව වෙනුවෙන් විශාල සේවයක් ඉටු කලේය.
ඇය බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාරයාලයේ ද කැපී පෙනෙන චරිතයක් විය.



