කොරෝනා රෝගීන් ගණන 334 ක් දක්වා ඉහළට

Share

මෙරට සිටින සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 334 දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ අද දිනය තුල නව කොරෝනා රෝගීන් 4ක් හදුනා ගැනිමත් සමගයි.

ඊයේ(22) රාත්‍රිය වන විට තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 20 දෙනෙකු හඳුනා ගනු ලැබීය.

ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 20 දෙනා අතරින් 11 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

ඊයේ දිනයේ හඳුනා ගත් 12 වැනි ආසාදිතයා පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා විය.

ඒ සමඟ එහි ගම්මාන 12ක් හුදෙකලා කිරීමට පියවර ගැනුණි.

අසාදිතයා වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන අයෙක් බව පොළොන්නරුව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවේය.

එමෙන්ම ඔහු සමඟ ඍජු සබඳතා පැවැත්වූ අභයපුර පූමාඩිය ගම්මානයේ පවුල් 11ක 43 දෙනෙකු නිරෝධායනය මධ්‍යස්ථාන 2කට යොමු කර තිබේ.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ 13 වැනි ආසාදිතයා ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඉතිරි ආසාදිතයින් 07 දෙනා වාර්තා වී තිබුණේ කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානයෙන්.

කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි ඔවුන් මීට පෙර නිරෝධායනය සඳහා රැගෙන ගොස් තිබුණි.

මේ අනූව ඊයේ දවස තුළ වාර්තා වූ ආසාදිතයින් 20 දෙනා සහ අද දින හමුවු රෝගීන් සමග මෙරට සිටින සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 334 දක්වා ඉහළ ගියේය.

මේ වන විට ආසාදිතයින් 222 දෙනෙකු පූර්ණ වෛද්‍යය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

වෛරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 105ක් වන අතර මෙරටින් වාර්තා වන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 7ක්

 

 

Read more

Local News