කොවිඩ් නයින්ටීන් වෛරසය දීර්ඝ කාලයක් පවතිනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
එහි ප්‍රධානී ටෙඩ්ඩ්රෝස් ගේබ්‍රියේසස් පෙන්වා දෙන්නේ රටවල් රැසක් මේ වන විටත් මෙම වෛරස ව්‍යාප්තියේ මූලික අදියරේ පසු වන බවයි.
කෙසේවෙතත් බටහිර යුරෝපය තුළ වෛරස ව්‍යාප්තියේ යම් පාලනයක් දක්නට ලැබුණ ද අප්‍රිකාව මධ්‍යම හා දකුණු අමෙරිකාව සහ නැගෙනහිර යුරෝපය යන රටවලට ඉදිරියේ දී වෛරසයෙන් ඇති විය හැකි බලපෑම පිළිබඳ සිය කණස්සල්ල පල කරන බව ඔහු සඳහන් කර තිබේ.
මෙම තත්ත්වය තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය දීර්ඝ කාලයක් ලොව පුරා පවතිනු ඇති බව පෙන්වාදී ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ කිසිදු අත්වැරදීමකින් තොරව වෛරස් ව්‍යාප්තිය පාලනයට රටවල් ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවයි.
මේ අතර ඉදිරි වසර තුළ ද කොවිඩ් නයින්ටීන් වෛරසය සඳහා නිසි ප්‍රතිකාරයක් සොයා ගැනීමේ හැකියාව ඉතා අල්ප බව එංගලන්ත ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටී පවසයි.
නිසි ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගන්නා තෙක් පුද්ගල දුරස්ථභාවය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට සිදුවනු ඇති බව ඔහු සඳහන් කර ඇත.
මේ අතර අද වන විට ලොව පුරා කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත සංඛ්‍යාව විසි හය ලක්ෂය ඉක්මවා තිබේ.
ඒ අනුව මේ වන විට ආසාදිතයින් විසිහය ලක්ෂ 35,131 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 84,041ක් ලෙස දැක්වෙයි.
වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව වාර්තා වන අමෙරිකාව ගත වු පැය 24 තුළ තවත් මරණ 2341ක් සහ නව ආසාදිතයින් 30,000කට ආසන්න පිරිසක් වාර්තා වී තිබේ.




