ජර්මනියේ කොරෝනා මරණ 5000 ක සීමාව ඉක්මවයි

Share

ජර්මනියේ කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණ සංඛ්‍යාව පන්දහසේ සීමාව ඉක්මවා තිබේ.

 

ඒ ගත වු පැය 24ක කාලය තුළ එරටින් වෛරස ආසාදිත මරණ 215ක් වාර්තා වීමත් සමඟයි.

ඒ අනුව ජර්මනියෙන් කොරෝනා මරණ 5094ක් වාර්තා වන අතර වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 150,000 ඉක්මවා තිබේ.

මේ අතර ජපානයේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 12,600 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් මරණ 300ක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News