වනජීවි නිලධාරියාගේ මරණයට අත්අඩංගුවට ගත් 4දෙනා හෙට අධිකරණයට

Share

දඹගල්ල පොලිස් වසමේ ගල්ඔය ජාතික වනෝද්‍යානයේ වැටලීම් කටයුතු සඳහා පිටව ගොස් සිටි ඉඟිණියාගල වනජීවි නිලධාරියාට වෙඩි තැබීමේ සිදුවීමට සැකපිට අත්අඩංගුවට පත් පුද්ගලයින් සිව්දෙනා හෙට(24) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

ඊයේ(22) රාත්‍රී කාලයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාල පවසයි.

මෙම වෙඩි තැබිමෙන් මියගොස් ඇත්තේ වයස අවරුදු 25ක් වන ඉඟිණියාගල වනජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කළ නිලධාරීයෙකි.

මිය ගිය වනජීවි නිලධාරියාගේ මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ඇති අතර, මූලික මහේස්ත්‍රාත් පරික්ෂණ අද සිදු කිරීමට නියමිතයි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු වෙඩි තැබීමට උපයෝගී කරගත් බොර 12 ගිනි අවියක් සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් සිව්දෙනා හෙට දිනයේ දී මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් දඹගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News