ඉන්දියාවෙන් කොරෝනා මරණ 681 ක් වාර්තා වෙයි

Share

ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 20,000 ඉක්මවා තිබේ.

 

ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් වෛරස ආසාදිතයින් 21,797 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර වෛරසය හේතුවෙන් එරට සිදුවූ මරණ සංඛ්‍යාව 681ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම පුද්ගලයින් 4376 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබේ.

මේ අතර ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා දෙන සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා නවාතැන් ලබා දී ඇති ස්ථානවල ප්‍රමාණවත් පහසුකම් නොලැබෙන බවට ඔවුන් චෝදනා කර තිබේ.

ඊට අදාළ දර්ශන දැක්වෙන වීඩියෝ පට කිහිපයක් ද වෛද්‍යවරුන් විසින් සාමාජ ජාල වෙත මුදාහැර තිබුණි.

Read more

Local News