සිංගප්පූරුවේ කොරෝනා මරණ සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළට

Share

අඛණ්ඩව සිව්වන දිනටත් සිංගප්පූරුවෙන් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් දහසකට වැඩි පිරිසක් හඳුනාගෙන තිබේ.

 

අද(23) මධ්‍යහ්න 12.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ නව ආසාදිතයින් 1037 දෙනෙකු හඳුනා ගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත.

ඒ අනුව මේ වන විට සිංගප්පූරුවෙන් හඳුනා ගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 11,178ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 12ක් බව වාර්තා වෙයි.

Read more

Local News