අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කරුණු මත දිස්ත්‍රික් අතර ගමනාගමනය වැළැක්වීම සඳහා දිස්ත්‍රික් මායිම්වල මාර්ග බාධක 262 ක් ස්ථාපනය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
මේ අතර, ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන අවස්ථාවලදී සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත බලය පවරා ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය අදත් ලිහිල් කෙරුණු අතර සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන නිර්ණායක උල්ලංඝනය කරමින් මගීන් ප්‍රවාහනය කළ බස්රථ රැසක් පොලිස් පරික්ෂාවට ලක්විය.
ප්‍රමාණවත් තරම් බස්රථ සංඛ්‍යාවක් ධාවනයට එක්කර නොතිබීම හේතුවෙන් අත්‍යවශ්‍ය සේවාවල නිරත පිරිස් පවා අපහසුතාවට පත්ව සිටින ආකාරය ගාල්ල බස්නැවතුම්පොළේ දී දැකගත හැකි විය.
ත්‍රිරෝද රථයක ගමන් කළ හැකි උපරිම මගීන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කර තිබෙන පසුබිමක එම උපදෙස් උල්ලංගණය කළ පිරිස්වලට පොලිස් නිලධාරීන් අවවාද කරනු ලැබීය.



