323 වන කොරෝනා ආසාදිතයා සුදුවැල්ලේ අයෙක්

Share

323 වන ආසාදිතයා ලෙස ඊයේ(22) දිනයේ වාර්තා වූ පුද්ගලයා ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 

අනතුරුව ඊයේ දිනට වර්තාවු ඉතිරි ආසාදිතයින් 05 දෙනා කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානයෙන් වාර්තා වුණු අතර ඔවුන් කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිට එම නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇති පිරිසක්.

මෙරට එකම ප්‍රදේශයකින් වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණනක් හඳුනා ගැනුණේ කොළඔ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචි පවුල් 242 කට අයත් පුද්ගලයින් 975 දෙනෙකු යුද හමුදාව සහ ගුවන් හමුදව විසින් උතුරේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබුණි.

කෙසේවෙතත් කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ තවත් පුද්ගලයින් 70 දෙනෙකුගේ ජෛව සාම්පල පී.සී.ආර් පරීක්ෂණයට ඊයේ දිනයේදී යොමු කෙරුණු අතර අද දහවල් ඉන් සිව් දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මේ වන විට එම ප්‍රදේශයෙන් හඳුනා ගෙන ඇති ආසාදිතයන් ගණන 66 ක්.

ඒ අනුව හදුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් සිව්දෙනා ජාතික බෝවන රෝග විද්‍යායතනයට යොමු කෙරුණි.

Read more

Local News