ඉන්දියානු ගුවන් සීමාවේ අත්හදා බැලීමේ ගුවන් ගමනක් ක්රියාත්මක විම හේතුවෙන් අද දිනට නියමිත ගුවන් ගමන් කාල සටහනේ සංශෝධනයක් සිදුකර ඇති බව ශ්රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.
ඒ අනුව ක්වාලාලම්පූර්, බැංකොක්, සිංගප්පූරුව ආදී රටවල සිට කටුනායක දක්වා අද ක්රියාත්මක ගුවන් වාර 09 ක් මෙලෙස සංශෝධනය වී ඇති බවයි ශ්රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් නිවේදනය කළේ.