කොරෝනා රෝගීන් ගණන 368 ක් දක්වා ඉහළට

Share

වැලිසර නාවික කඳවුරේ සෙබලුන් 29 දෙනෙකුට කොරෝනා‍ වෛරසය ආසාදනය වීමත් සමඟ ‍ඉතිහාසයේ දිනක් තුළ වාර්තා වු වැඩිම රෝගීන් සංඛ්‍යාව අද(23) වාර්තා විය.

 

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 368 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ සුවය ලැබු රෝගීන් දෙදෙනා සමඟ සුවය ලැබූ ‍සමස්ත රෝගීන් ගණන 107ක්.

මේ අතර තවත් පුද්ගලයින් 254 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් 7 දෙනෙක් ජීවික්ෂයට පත්ව තිබේ.

Read more

Local News