බ්‍රිතාන්‍යයේ පළමු කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත අත්හදා බලයි

Share

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතයෙන් ලොව පුරා රටවල සිදුවූ මරණ ගණන 190,500කට ආසන්න වී ඇත.

 

මේ අතර බ්‍රිතාන්‍යයේ පළමු කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ඊයේ අත්හදා බැලුණි.

යුරෝපයේ පළමු කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් නුවරදී පළමුවරට මිනිසුන් මත අත්හදා බැලුණි.

එන්නත අත්හදාබැලීමට ස්වේඡාවෙන් 800කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටි අතර ඉන් දෙදෙනෙකු සදහා එන්නත ලබාදීම ඊයේ සිදුවුණි.

මිනිසා වෙත එන්නත ලබාදීමෙන් අනතුරුව එය මිනිස් සෛල වෙත ඇතුළු වී ප්‍රති කොරෝනා ප්‍රෝටීන නිපදවීම සිදුවෙයි.

මේ මඟින් මිනිසාගේ ප්‍රතිදේහ නිෂ්පාදනය ඉහළ දමමින්, වෛරස මර්දන ටී සෛල වැඩි වශයෙන් නිකුත් කෙරෙන අතර ඉන් ආසාදිත සෛල විනාශ කෙරෙන බවයි වාර්තා වන්නේ.

එන්නත හඳුන්වාදී ඇත්තේ, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් එක්ව මාස තුනක කාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුවයි.

වෛරසයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් සියයට 80ක තරම් ඉහළ විශ්වාසයක් පවතින බවත් අදාළ විද්‍යාඥයින් වැඩිදුරටත් පවසයි.

කෙසේ නමුත් ඉදිරියේදී වඩාත් වයස්ගත පිරිස් මත මෙම එන්නත අත්හදාබැලෙන අතර එහිදී එන්නත ලබාදෙන වාර ගණන පිළිබදවද විශේෂයෙන් සලකා බැලෙනු ඇති.

Read more

Local News