ආසාදිතයින් 23,000 ක් වාර්තා වන අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ (23) දිනයේ සිදුවූ මරණ 40ත් සමඟින් එරට මරණ ගණන 721 දක්වා ඉහළ ගොස් ඇත.
මෙතෙක් ආසාදිතයින් වැඩිම ගණනක් නවදිල්ලි අගනුවරින් වාර්තා වුණත්, එරට වාණිජ අගනුවර වූ වඩාත් ජනාකීර්ණ මුම්බායි නුවරින් පමණක් ආසාදිතයින් 4 000ක් හදුනාගෙන තිබුණි.
මුම්බායි ද අයත් මහාරාශ්ට්‍ර ප්‍රාන්තයෙන් පමණක් ආසාදිතයින් 6 500ක් පමණ හදුනාගෙන ඇති අතර, මෙය වඩාත් අවදානම්සහගත තත්ත්වයක් බවයි වාර්තා වන්නේ.
මේ අතර බැංගලූරු නගරයේ නාගරික පැල්පත් නිවාස පෙදෙසක් අර්ධ වශයෙන් හුදෙකලා කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබුණි.
ඒ අදාළ ප්‍ර දේශයෙන් කොවිඩ් ආසාදිතයින් දස දෙනෙකු හමුවීමත් සමඟයි.
මේ අතර ඇදිරි නීතිය කඩකරන පිරිස් වෙත පොලිසිය විවිධ දඩුවම් ලබාදෙන ආකාරය තවමත් ඉන්දියාවෙන් වාර්තා වෙයි.
මේ අතර ඉන්දියාවේ ජනාධිපති රාම් නාත් කෝවින්ගේ බිරිද වන සවිතා කෝවින්ද් , නවදිල්ලියේ පැල්පත්වාසීන් වෙනුවෙන් මුඛ ආවරණ මැසීමේ නිරතවන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඇය මෙසේ මුඛ ආවරණ සකස්කිරීමේ නිරතව ඇත්තේ ශක්ති හාත් ජනපති වතුයායේ සිටයි.




