කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමකට ලක්වූ අමෙරිකාවෙන් ඊයේ (23) දිනයේ සිදුවූ මරණ 2000ත් සමඟින් එරට සමස්ත මරණ ගණන 49,804 දක්වා ඉහළ ගියේය.
එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 866,646 ක්.
මේ අතර කොවිඩ් පාලනය සඳහා වන අමෙරිකානු ඩොලර් බිලියන 484ක දැවැන්ත සහන පැකේජයක්, අමෙරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවේ සම්මත වී තිබේ.
අදාළ මුදල අමෙරිකාවේ කුඩා ව්‍යාපාර, රෝහල් සහ රෝගී පරීක්ෂාවන් සදහා යොදවනු ඇති.




