වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ වැලිසර නාවික හමුදා කඳවුරේ භටයින් 29 දෙනෙකු ඊයේ (23) දිනය තුළ හඳුනා ගැණුනි.
අදාළ නාවික භටයින්ට වෛරසය ආසාදනය වි ඇත්තේ ජා ඇල සුදු වැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බහි වු ආසාදිතයින් සොයා සිදුකළ මෙහෙයුම් අතරවාරයේ දි බවයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.
අනතුරුව නාවික හමුදාපතිවරයාගේ නියමයෙන් වැලිසර නාවික හමුදා කදවුර හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බවද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.
මීට පෙර නාවික හමුදාවේ වැලිසර කඳවුරෙන් එක් ආසාදිතයෙක් හඳුනා ගැණුනි.
ඒ අනුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ මේ දක්වා සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ වලට අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ 60 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති බවයි.



