ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 414 ක් දක්වා ඉහළට

Share

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 414 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

අද(24) සවස 6 වන විට මෙලෙස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යනු ලැබුවේ වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමඟයි.

මේ වන විට අද දිනය තුල නව රෝගීන් 46 ක් හදුනා ගෙන තිබේ

මේ අතර අද දිනය වන විට සුවය ලැබු සමස්ත ‍ආසාදිතයින් ගණන 109 ක් වෙයි.

වෛද්‍ය අධීක්ෂණය යට‍තේ සිටින පිරිස 300 ක් දක්වා අද සවස් වන විට වර්ධනය වී ඇත.

කො‍‍රෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් 7 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read more

Local News