අමෙරිකානු ස්වදේශීය ආරක්ෂක අමාත්‍යංශය කළ පරීක්ෂණයකදී හෙළිව ඇත්තේ දැඩි සූර්ය රශ්මිය සහ තාපයෙන් කොවිඩ් වෛරසය ක්ෂණයෙන් විනාශයට පත්වන බවයි.
කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තියේ වැඩිම බලපෑමකට ලක්වූ අමෙරිකාවේ ඊයේ සිදුවූ මරණ 2000 ත් සමගින් එරට සමස්ත මරණ ගණන 50,000 ට ආසන්න වී තිබේ.
එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 869,172 කි.
මේ අතර කොවිඩ් පාලනය සදහා වන අමෙරිකානු ඩොලර් බිලියන 484ක දැවැන්ත සහන පැකේජයක්, අමෙරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවේ සම්මත වී තිබෙනවා.
අදාළ මුදල අමෙරිකාවේ කුඩා ව්‍යාපාර, රෝහල් සහ රෝගී පරීක්ෂාවන් සදහා යොදවනු ඇත.
මේ අතර අප්‍රිකානු මහද්වීපයේ කොවිඩ් ආසාදිතයින්ගේ ගණන ගත වූ සතියේදී සියයට 43කින් ඉහළ ගිය අතර අද වන විට එම කලාපයෙන් වාර්තාවන ආසාදිතයින් ගණන 26000කි.
විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ අප්‍රිකානුවන්ගෙන් බහුතරය දැඩි ආහාර අර්බුදයකට මුහුණදෙමින් සිටින බවයි.
රජයෙන් නොමිලේ බෙදාදෙන ආහාර වෙනුවෙන් නයිජීරියානුවන් අතර ගැටුම් හටගත් අවස්ථා ද වාර්තා වෙයි.




