ලෝක සෞඛ්‍ය සංවිධානය , චීනය මත අසීමිත විශ්වාසයක් තැබූ බවට කැනඩාවෙන් චෝදනා එල්ල කරයි.
කැනඩා වසංගත පාලන බලකාය පවසන්නේ, චීනය සත්‍ය තොරතුරු වසන්කිරීම හේතුවෙන් කාලය අපතේ ගියත්, දිගින් දිගටම ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත මූල්‍යාධාර ලබාදීම අත්‍යවශ්‍ය වන බවයි.
මේ අතර 1400 වසරක ඉතිහාසයේ පළමුවරට සෞදියේ මක්කම සහ මදීනා හි ඉස්ලාමීය දේවස්ථාන, රාමසාන් සමයේදී බැතිමතුන්ට වසාදැමීමට බලධාරීන් පියවර ගත්තාය.
එහෙත්, රාමසාන් උපවාසය සංකේතවත් කරමින් එහි යාච්ඥා පැවැති අතර ඊට එක්වීමේ අවස්ථාව හිමිවුණේ දේවස්ථානයේ කාර්ය මණ්ඩලය සහ පූජකවරුන්ට පමණයි.
මේ අතර ලොව වැඩිම ඉස්ලාමීය ජනගහණයක් වෙසෙන ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ පිරිස් රාමසාන් යාච්ඥා මෙහෙයන් සදහා මෙලෙස එක්ව සිටියාය.
සංචරණය තහනම් කර ඇති පසුබිමක, එය නොතකා බැතිමතුන් මීට සහභාගී වී සිටියාය.




