අද(25) සහ හෙට(26) යන දෙදින තුළ මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ඊයේ රාත්රි 08.00 සිට ලබන 27 වන සදුදා උදෑසන 05.00 දක්වා දිවයිනටම ඇදිරි නීතිය ක්රියාත්මක වන බව ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේය.
පසුගිය 20 වනදා සිට කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල, අම්පාර යන දිස්ත්රික්කවලට හැර සෙසු දිස්ත්රික්ක 18 සදහා පනවා තිබූ ඇඳිරි නීතිය ලිහිල් කිරිමට රජය තීරණය කර තිබුණි.
කෙසේවෙතත් එම දිස්ත්රික්ක සදහා රාත්රි 08.00 සිට උදෑසන 05.00 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය ක්රියාත්මක වන බව රජය දැනුම් දී තිබුණේ.
එමෙන්ම කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්රික්ක වලට පිවිසීම සහ ඉන් පිටත්විම සියලු දෙනාට සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.
ඇඳිරි නීතිය ක්රියාත්මක වන කාලය තුළ අත්යාවශ්ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදිය කිසිදු බාධාවකින් තොරව සිදු කළ හැකි බවයි ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේය.



