මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදිතව ඇති බවට ඊයේ(24) රාත්‍රි තහවුරු වුණි.
මෙරටින් වාර්තා වූ 416 වැනි වෛරස ආසාදිතයා ලෙස මෙම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සැලකෙයි.
ඒ පිළිබඳ තවදුරටත් කරුණු දක්වන කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා මේ බව සඳහන් කළේය.
මේ අතර ඊයේ පස්වරුව වන විට තවත් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට කොවිඩ්-19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබනමින් සිටි පුද්ගලයින් 109 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.



