රාමසාන් උපවාසය ඇරඹෙයි

Share

මුස්ලිම් භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වශයෙන් හැඳින්වෙන රාමසාන් උපවාසය (25) දින අලුයම ආරම්භ කර තිබේ.

 

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමඟ හැටන් ප්‍රදේශයේ ප්‍රධාන මුස්ලිම් පල්ලිය හැටන් ජුම්මා මුස්ලිම් පල්ලිය වසා දමා ඇති අතර ,  රාමසාන් උපවාසය ආරම්භ කල අවස්ථාවේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් යාඥාව මුස්ලිම් භක්තිකයන්ට ශ්‍රවණය කිරිමට අවස්ථාව සලසා දි තිබුණි.

මුස්ලිම් භක්තිකයන් මුස්ලිම් පල්ලිවල යාඥාවන්වලට සහභාගි නොවී නිවාසවල සිටම පවුලේ සමාජිකයන් සමඟ එක්ව රාමසාන් උපවාසය ආරම්භ කර තිබේ.

Read more

Local News