ගෝලීය එන්නත් සමුළුවක් ලබන ජූනි මස හතරවැනිදා පැවැත්වීමට බ්‍රිතාන්‍යය සූදානමින් පසුවෙයි.
කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීම සදහා කටයුතුකරන රාජ්‍යයන් දිරිමත් කිරීම, කම් ටුගෙදර් come together ගෝලීය සමුළුවේ අපේක්ෂාවයි.
බ්‍රිතාන්‍ය සැලකෙන්නේ, කොවිඩ් වෛරසයෙන් වැඩිම බලපැමකට ලක්වූ රාජ්‍යයක් ලෙසයි.
ඉන් එරට ආසාදිතයින් 144,635ක් හමුවූ අතර සිදුවූ මරණ ගණන 19,566ක් වුණි.
එරට පූර්ණ සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව විසි දහසක් තරම් පහළ අගයක් ගැනීමද විශේෂත්වයක්.
මේ අතර අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත පිරිස් වෙනුවෙන් හදුන්වාදුන් අන්තර්ජාල යෙදුම තාවකාලිකව අවහිර කිරීමට බ්‍රිතාන්‍ය රජයට සිදුව තිබේ.
ඒ සඳහා ඇති අධික ඉල්ලුම හේතුවෙන් මෙසේ කිරීමට සිදුවූ බවයි බලධාරීන් පවසන්නේ.




