ලොවපුරා ව්‍යාප්තව ඇති කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනිමට අදියරෙන් අදියර කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වම්න් යුද හමුදාපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.
ප්‍රථමයෙන් සාක් කලාපීය රටවලින් ද පසුව අනෙකුත් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් ද මෙරටට ගෙන්වා ගැනීමට සූදානමින් සිටින බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
එහිදී මෙරටට පාලනය කර ගත හැකි ප්‍රමාණයක් පමණක් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කරන්නේ.
ඒ අනුව ඉදිරි සතිය තුළත් විවිධ රටවලින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙරටට ගෙන්වාගන්නා බවත් ඒ සඳහා නිරෝධායන මධ්‍යස්ථාන සූදානම් කර ඇති බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඉන්දියාවේ මුම්බායි නුවර සිටි ශ්‍රී ලාංකිකයින් 166 දෙනෙකු ඊයේ දිවයිනට ගෙන්වා ගනු ලැබීය.



