ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව මේ වන වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව දෙලක්ෂ තුන්දහස් එකසිය තිස් අටකි.
විදෙස් වාර්තා අනාවරණ කළේ, මේ වනවිට ලොව පුරා ආසාදිතයින් සංඛ්‍යාව ද විසිනව ලක්ෂ දාහත්දහස් නවසිය අනූ හතර දක්වා ඉහළ ගොස් ඇති බවයි.
සුව වූ සංඛ්‍යාව අට ලක්ෂ තිස්හය දහස් හාරසිය අසූ හයකි.
මේ වනවිට රටවල් 5ක කොරෝනා මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන් ය.
එරටින් ගතවූ පැය 24 තුළ කොරෝනා මරණ 2,054 ක් වාර්තා වී ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව 54,247 කි.
අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 10 ලක්ෂයට ආසන්න වී තිබේ.
මේ අතර අමෙරිකාවට පසුව කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ඉතාලියට ය.
එරටින් ඉකුත් පැය 24 තුළ මරණ 415 ක් වාර්තා වී ඇත්තේ සමස්ත මරණ සංඛ්‍යාව 26,384 දක්වා ඉහළ දමමින් ය.
ඉතාලියෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ද 195,351 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ස්පාඥ්ඥයෙන්ද ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ 378 ක් වාර්තා විය.
ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 22,902 කි.
මේ අතර ප්‍රංශය, ජර්මනිය හා බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ද තවදුරටත් ඉහළ යමින් තිබේ.




