නිවාඩු ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට අද දිනය තුළ කඳවුරුවලට කැඳවීමක්

Share

අද(27) දිනය තුළ ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයින්ට තම කඳවුරු වෙත වාර්තා කරන ලෙස ආරක්ෂක අංශ නියම කර තිබේ.

 

ඔවුන්ට අදාළ කඳවුරු වෙත පැමිණීම සදහා ප්‍රවාහන පහසුකම් සපයා ඇති අතර එසේ ප්‍රවාහන පහසුකම් සලසා ගත නොහැකි සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ආසන්නතම කඳවුරු වෙත වාර්තා කරන ලෙසයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර නිවාඩු ගිය සියලුම නාවික හමුදා සාමාජිකයින් වහාම තම ආසන්නතම කදවුරු වෙත වාර්තා කරන ලෙස නාවික හමුදාව ද ඊයේ නිවේදනය කර තිබුණි.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් සහ සෙසු නිලයන්ගේ නිවාඩු, කෙටි නිවාඩු අවලංගු කර තිබේ.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ඊට අදාළව ත්‍රිවිධ හමුදාපතිවරුන්ට නිකුත් කළ නියෝගයේ සදහන්ව ඇත්තේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා ලබා දී ඇති සියලු නිවාඩු අවලංගු කිරීමේ තීරණය ඊයේ(26) ගනු ලැබූ බවයි.

Read more

Local News