තොරතුරු වසන් කිරිම කොරෝනා ව්‍යාප්තිය පාලනයට ගැටලුවක්

Share

තොරතුරු සැඟවීම කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනයට මෙන්ම ආසාදිතයින්ට නිසි ප්‍රතිකාර ලබාදීම ගැටලුවක් විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ කොවිඩ් නයින්ටීන් රෝග ලක්ෂණ පවතින බවට යම් සැකයක් ඇත්නම් හෝ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, හුස්ම ගැනිමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් රෝහල් ගතවීමට පෙර සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලබාගත යුතු බවයි.

1999 හෝ 1390 දුරකථන අංකවලින් එම උපදෙස් ලබාගත හැකියි.

මෙම දැනුම්දීම නොතකා ඇතැම් පුද්ගලයින් රෝහල්ගතවීමෙන් ගැටලු රැසක් උද්ගත විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

එමෙන්ම අදාළ තැනැත්තන් තමන් පදංචි නිශ්චිත ප්‍රදේශය වැරදි ලෙස සඳහන් කිරීම වැනි කරුණු හේතුවෙන් ද ගැටලු මතුවිය හැකි බව ඔහු සඳහන් කර ඇත.

Read more

Local News