ඉතාලියට පනවා ඇති තහනම මැයි මස 04 වැනිදා සිට ලිහිල් කිරීමට තීරණය කර ඇති බව එරට අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ පවසයි.
ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ සති හතක් පුරා අක්‍රීයව පැවති ව්‍යාපාර ද එදින සිට යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි.
කෙසේවෙතත් තහනම ලිහිල් කල ද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස ඉතාලි අග්‍රාමාත්‍යවරයා එරට ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
ඉතාලිය තුළ මේ වන විට කොඩිව් ආසාදිතයින් එක් ලක්ෂ 97,675ක් වාර්තා වී ඇති අතර මරණ 26,644ක් සිදුව ඇති බව සඳහන්.




