කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය නිසා වසා දැමුණු පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය එළඹෙන අප්‍රේල් 29 වැනිදා යළි විවෘත කෙරෙන බව මැනිං පොදු වෙළඳ සංගමය පවසයි.
වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය වසා දැමුණේ පසුගිය අප්‍රේල් 17 වැනිදායි.
ගොවීන්ගේ සහ වෙළෙන්දන්ගේ දැඩි ඉල්ලීම මත තොග වෙළෙඳාම් සඳහා පමණක් යළි වෙළෙඳ සංකීර්ණය විවෘත කෙරෙන බවයි මැනිං වෙළෙඳ සංගමය පවසන්නේ.
මේ අතර විෂබීජහරණය සඳහා පසුගියදා වසා දැමුණු නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය උදැසන 6 සිට තොග සහ සිල්ලර වෙළෙඳාම සඳහා අද යළි විවෘත කෙරුණි.



