ඊයේ දිනයේ හඳුනා ගත් කෙරෝනා ආසාදිතයින් ගණන 65ක්

Share

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 588 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඊයේ(27) දිනය තුළ පමණක් ආසාදිතයන් 65 දෙනෙකු හඳුනා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගෙන් 126 දෙනෙකු මේ වන විට පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

තවත් පුද්ගලයන් 455 දෙනෙකු රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

මේ අතර මෙරට දෛනිකව සිදුකරන පි.සි.ආර් පරික්ෂණ සංඛ්‍යාව දෙදහසක් දක්වා වැඩිකිරිමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේය.

Read more

Local News