ඉවසන්න – බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ඉල්ලීමක්

Share

කොවිඩ් නයන්ටීන් වසංගතය උපරිම අවධානම් තත්ත්වයකට පැමිණ ඇති බැවින් රට අක්‍රිය කර තිබිම පිළිබඳ ඉවසීම නැති කර නොගන්නා ලෙස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එරට ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

වෛරසය ආසාදනය සුවවිමෙන් පසු පළමුවරට රජකාරි ආරම්භ කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ අක්‍රීය තත්ත්වය ඉක්මනින් ලිහිල් නොකරන බවයි.

මේ අතර නවසිලන්තය තුළ කොරෝනා වෛරසය සමාජයීය වශයෙන් නතර කිරිමට හැකිවු බව එරට අග්‍රාමාත්‍යවරිය වන ජෙසින්ඩා ආර්ඩ්න් පවසයි.

දින කිහිපයක සිට එරටින් තනි සංඛ්‍යාවක ආසාදිතයන් පිරිසක් පමණක් වාර්තා වී තිබුණි.

මේ අතර ලොව පුරා ආසාදිතයිනගේ සංඛ්‍යාව තිස්ලක්ෂ 61, 970ක් වන අතර පුද්ගලයන් දෙලක්ෂ 11, 431 දෙනෙකු මියගොස් තිබේ.

Read more

Local News