මෙරටට පැමිණිමට නොහැකිව ඉන්දීයාවේ බැංගලෝර් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අද දහවල් 12.40ට පමණ ඔවුන් මෙරටට පැමිණි බව අප වාර්තාකරු සදහන් කළේය.
එම පිරිස රැගෙන ඒම සදහා අද උදෑසන 09.10 ට අදාල ගුවන් යානය බැංගලෝර් බලා කටුනායක ගුවන්තොටුපලෙන් පිටත්ව ගොස් තිබුණි.
දිවයිනට පැමිණි මෙම සියලු දෙනා නිරෝධාන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට නියමිතයි.
මේ විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයින් සම්බනධයෙන් විශේෂ සාකච්ඡාවක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතවරිය ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සදහන් කළේය.



