කොරෝනා රෝගීන් ගණන 599 ක් දක්වා ඉහළ යයි

Share

තවත් ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට තුල සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 599ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

එමෙන්ම , COVID 19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් රෝගීන් අට දෙනෙකු අද (28) රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව වෛරසය ආසාදනය වී සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 134ක්.

මේ අතර ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා පී.සි.ආර් පරීක්ෂණ 1400ක් සිදුකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ තවත් පුද්ගලයන් 458 දෙනෙකු රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

Read more

Local News