කම්කරු දෙපාර්තුමේන්තුවෙන් ව්‍යාපරිකයින්ට දැනුම් දීමක්

Share

කොරෝනා වසංගතය හේතුවෙන් බලපෑම් ඇති වී තිබෙන පෞද්ගලික අංශයේ ව්‍යාපාර ආයතන පිළිබඳ තොරතුරු ලබා ගැනීමට කම්කරු දෙපාර්තුමේන්තුව තීරණය කර තිබේ.

 

ඒ, වසංගතය හේතුවෙන් බලපෑමට ලක්ව තිබෙන පෞද්ගලික අංශයේ ව්‍යාපාර ආයතන පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීම සඳහා ය.

www.labourdept.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් පෞද්ගලික අංශයේ ව්‍යාපරිකයින්ට ඒ පිළිබඳ තොරතුරු ලබා දිය හැකි ය.

මේ සඳහා කඩිනම් ප්‍රතිචාර දක්වන ලෙස කම්කරු දෙපාර්තුමේන්තුව ව්‍යාපරිකයින්ට දැනුම් දෙයි.

Read more

Local News