ප්‍රදේශ කිහිපයකින් හෙරොයින් සමග තිදෙනකු අත්අඩංගුවට

Share

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හෙරොයින් සමග පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

කළුතර, ග්‍රෑන්ඩ්පාස් සහ ගල්කිස්ස යන ප්‍රදේශවලින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

එහිදී සැකකරුවන් සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 450ක් පොලිසිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් 34,36 සහ 56 හැවිරිදි වයසේ පසුවන පිරිසක් බව සදහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අදාල ප්‍රදේශයන් හි අධිකරණයන් වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News