අමෙරිකාවේ වෛද්‍යවරියක් සියදිවිනසා ගනියි

Share

අමෙරිකාවේ නිව්යෝර්ක් හි වෛද්‍යවරියක් සියදිවි හානිකරගෙන තිබේ.

 

ඇය නිව්යෝර්ක් හි පිහිටි රෝහලක කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සදහා ප්‍රතිකාර කිරීමේ කටයුතුවල නිරත වූ වෛද්‍යවරියක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

49 හැවිරිදි එම වෛද්‍යවරිය සිය නිවසේදී සියදිවි හානි කරගෙන ඇති අතර සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

කෙසේවෙතත් දැඩි ආතතිය හේතුවෙන් ඇය සියදිවි නසා ගන්නට ඇති බවට සැක පල කෙරෙන අතර ඇයගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ පවසන්නේ වෛද්‍යවරියට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිට ඇති බවට සැකයක් මතුවන බවයි.

ඒ අනුව අදාල වෛද්‍යවරියගේ සියදිවි නසා ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් නිව්යෝර්ක් ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර ඇත.

Read more

Local News