කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවන ඇඳිරි නීතිය සංශෝධනය කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
ඒ අනුව අවධානම් කලාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක හතර හැරුණු විට සෙසු දිස්ත්‍රික්ක සඳහා අප්‍රේල් 30 හෙට දින (බ්‍රහස්පතින්දා) රාත්‍රී 8.00ට යළි පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 04, සඳුදා උදේ 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.




