ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය දිගු වෙයි

Share

අද(30) දිනෙන් අවසන් වන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සඳහා ලබාදුන් ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය මැයි මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

 

මේ හේතුවෙන් නව ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට පත්වූ සමස්ත පුද්ගලයින් ගණන 41,557ක් වන අතර සමස්ත වාහන ගණන 10,719ක්.

මේ අතර ඇඳිරි නීති කාලසීමාව තුළ නීතිවිරෝධි මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැරදිවලට අදාලව පුද්ගලයින් 35,000 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

Read more

Local News