ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 22 ක් නාවික සෙබළුන්

Share

ඊයේ(29) දිනය තුළ පමණක් මෙරට කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකු වාර්තා වු අතර ඉන් ආසාදිතයින් 22 දෙදෙනෙක් නාවික හමුදා සෙබළුන් වන බව යුද හමුදාපති ‍මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව නාවික සෙබළුන් 20 ක් වැලිසර නාවික හමුදා මුලස්ථානයෙන් හා තවත් සෙබළුන් දෙදෙනෙක් නිවාඩු ගොස් සිටි අය වන බවද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් ඊයේ වාර්තා වු අනෙක් පුද්ගලයා ගුවන් හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටින ගුණසිංහ පුර ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වුවෙක් බවද යුද හමුදාපති වරයා කියා සිටියේය.

සෙසු පුද්ගලයින් 7 දෙනා බදුල්ල, හෝකන්දර, කන්තලේ, තලාතුඔය හා මොරන්තුඩුව යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් ඔවුන් නාවික සෙබළුන්ගේ ඥාතීන් වන බවත් පැවසු යුද හමුදාපතිවරයා, එයින් එක් අයෙක් විශ්‍රාම යෑමට නියමිත යුද හමුදා නිලධාරියෙක් බවත් ඔහු නාවික සෙබළෙක්ගේ ඥාතියෙක් වන බවත් පැවසීය.

Read more

Local News