තැපැල් කාර්යාලයට පැමිණීමේදී පෑනක් ගෙන ඒම අනිවාර්යයි

Share

සේවා ලබාගැනීම සඳහා තැපැල් කාර්යාලවලට පැමිණීමේදී පෑනක් රැගෙන ඒම අනිවාර්ය බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

 

ලබන 4 වැනිදා සිට දිවයිනේ සියලු තැපැල් කාර්යාල සාමාන්‍ය රාජකාරී සඳහා විවෘත කිරීමට නියමිත ය.

දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ජනතාවට සේවා සැපයීමට සැලසුම් කර ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ ය.

Read more

Local News