අපි බිම බුදිය ගත්තේ අපේ මිනිස්සුන්ව ඇඳේ නිදි කරන්න – හමුදාපති

Share

සමාජ මාධ්‍ය ඔස්සේ පලවන ඡායාරූපයක් පිළිබඳ අදහස් පළ කරමින් යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, රණවිරුවා රැක ගැනීමට උපරිමයෙන් කැප වෙන බවයි.

 

මේ දිනවල සමාජ මාධ්‍ය තුළින් රණවිරුවන් පිරිසක් ගොඩනැඟිල්ලක බිම ඇතිරිලි යොදා ගෙන නිදා සිටින ඡායාරූපයක් සංසරණය වන බවත් එම ඡායාරූපය පිට රටක සිට පළ කර ඇති බවත් යුද හමුදාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වම්න් පැවසුවා.

නිවාඩු ලබා සිටි හමුදා නිලධාරීන් නැවත ගෙන්වා ගැනීමේ දී පිටතින් ගොඩනැඟිලි 11 ක් ලබා ගත් බවත් ඒ කොළඹ, මුලතිව් හා මධ්‍යම පළාතෙන් වන බවත් පැවසු හමුදාපතිවරයා, එම පළ කර ඇති ඡායාරූපය එවැනි ස්ථානයක නොවන බවත් කියා සිටියේය.

නමුත් නාවික හා ගුවන් හමුදාව විසින් ලබා ගත් ස්ථානයන් පිළිබඳව මේ වන විට පරික්ෂණ පවත්වන බවත් කිසි දිනක රණවිරුවන්ට මෙලෙස සැලකීමට කටයුතු කර නැතැයි ද යුද හමුදාපති වරයා පැවසීය.

රණවිරුවන්ට ‍ගස් මුල් මත නිදා ගෙන පුරුදු බවත් තමා ද අද සිටින නිලයට පැමිණීමට පෙර යුද්ධය පැවති කාලයේ ඕනෑ තරම් එවැනි අසීරු අවස්ථාවන්ට මුහුණ දී ඇතැයි ද ඉතා සන්වේදීව පැවසු යුද හමුදාපතිවරයා, මීට පෙර නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කල මොහොතේ ද රණවිරුවන් ජනතාව වෙනුවෙන් සිය ඇඳ ලබා දී බිම නිදා ගත් බවත් කියා සිටියේය.

රණවිරුවා සිය ඇඳ ලබා දී බිම නිදා ගන්නේ රටේ ජනතාව ආරක්ෂා කර ගනිමින් ඔවුන්ව ඇදේ නිදි කිරීමට බවත් පැවසු යුද හමුදාපතිවරයා “විරෝධාර රණවිරුවන් ” සැමදා ජනතාව වෙනුවෙන් ජීවිත පුජා කළ බවත් පැවසීය.

Read more

Local News