ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර හදිසි සෞඛ්‍ය කමිටුව අද රැස්වෙයි

Share

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර හදිසි සෞඛ්‍ය කමිටුව අද රැස්වෙයි.

 

ඒ, COVID-19 වසංගතයේ පරිණාමය තක්සේරු කිරීම සහ යාවත්කාලීන කරන ලද නිර්දේශයන් පිළිබඳව උපදෙස් දීම අරමුණු කර ගනිමින් ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සෞඛ්‍ය විශේෂඥ කමිටුව ලොව පුරා සෞඛ්‍ය විශේෂඥයින් 15 දෙනකුගෙන් සමන්විත වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්නම්ස් සඳහන් කළේ, අවසන් වරට පසුගිය ජනවාරි 30 වැනිදා රැස් වූ විශේෂඥ සෞඛ්‍ය කමිටුව කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කළ බවයි.

Read more

Local News