රුසියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

Share

රුසියාවෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

 

ගත වු පැය 24 තුළ එරටින් ආසාදිතයින් 7099 දෙනෙකු වාර්තා වීමත් සමඟ ආසාදිතයින්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ 6498 දෙනෙකු දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට අමතරව ගත වූ පැය 24 තුළ රුසියාවේ වෛරස ආසාදිතයින් 101 දෙනෙකු මියගොස් තිබේ.

එරටින් වාර්තා වන ආසාදිත මරණ ගණන 1073 ක් වන බව සදහන්.

රුසියාවේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයට ලක්වූ පුද්ගලයින් 11,619 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News